Header Ads

මහින්ද හම්බන්තොට ශිෂ්‍ය නේවාසිකාගාරය හැදු හේතුව අභිරහසක්!!

කිසිදු විශ්වවිද්‍යාල පීඨයක් නොමැති හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ මිලියන 220ක් වැය කරමින් ඉදිකළ ශිෂ්‍ය නේවාසිකාගාරයක් පිළිබඳ තොරතුරු රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් අනාවරණය කරගෙන තිබේ.

කාමර සියයකින් යුත් මේ ශිෂ්‍ය නේවාසිකාගාරය මේ වන විටත් භාවිතයට නොගෙන වසා දමා තිබෙන බව සඳහන්.

හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පටක රෝපණ පීඨයක් මිස විශ්වවිද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාරයක් නොවන බවත් මේ නේවාසිකාගාරය පසුගිය රජය සමයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ආතර මේ වන විට එය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැඳවූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ මේ ඉදිකිරීම් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබේද යන්නය. 

ඒ පිළිබඳ කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වූ බවද දැනගන්නට තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සඳහා රුපියල් මිලියන 220කට අධික මුදලක් අවභාවිතාවේ යොදවා ඇති බවටද මෙහිදී තොරතුරු හෙළිවූ තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.