Header Ads

මුම්බායි ඉන්ඩියන්ස් තුන් වැනි වරටත් IPL කුසලානය දිනා ගනී

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම තුන්වැනි වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනා ගත්තේ ය.


ඒ, මෙවර තරගාවලියේ අවසන් තරගයේදී රයිසිං පූනේ සුපර්ජයින්ට් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමිනි.

තරගාවලියේ අවසන් තරගය හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විය.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්ඩියන්ස් කන්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඔවුන්ගේ මුල් පෙල කඩුලු 2 බිද වැටුනේ ලකුනු 8කදීයි.

පර්තිව් පටේල් ලකුණු 4කට දැවී ගිය අතර, ලෙන්ඩල් සිමන්ස් ලකුණු 3කට පිටියේ ඉවත් වුණා.

මුම්බායි ඉන්ඩියන්ස් ඉනිමේ මුල් පෙළ කඩුලු 7 ලකුනු 79ක් තුළ බිද වැටිණ.

පිතිකරුවන් සිව් දෙනෙකු ම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දැවී ගිය අතර නායක රෝහිත් ශර්මා ලකුණු 24 ක් රැස්කළහ.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ 8 වැනි කඩුල්ලට කෘනාල් පාන්ඩ්‍යා සහ මිචෙල් ජොන්සන් ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගූහ.

ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා වූ කෘනාල් පාන්ඩ්‍යා පන්දු 38කදී ලකුණු 47ක් රැස් කළේ ය.

ජයදෙව් උනද්කට් ලකුණු 19ට කඩුලු 2ක් දවා ගත් අතර ඇඩම් සැම්පා ලකුණු 32ට කඩුලු 2යි.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට ලකුණු 129ක් රැස් කළේ ය.

ලකුණු 130ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි රයිසිං පූනේ සූපර්ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ආජින්ක්යා රහානේ ලකුණු 44යි.

නායක ස්ටීවන් ස්මිත් ලකුණු 51ක් රැස් කළ අතර මිචෙල් ජොන්සන් ලකුනු 26ට කඩුලු 3යි.

ජස්ප්‍රිට් බුම්රා ලකුණු 26ට කඩුලු 2ක් දවා ගත්තේ ය.

රයිසිං පූනේ සූපර්ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 128ක් පමණි.

මුම්බායි ඉන්ඩියන්ස් කන්ඩායමේ කෘනාල් පාන්ඩ්‍යා තරගයේ වීරයා බවට පත්විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.