Header Ads

මරණයට පත් හමුදාවේ ඡායාරූප ශිල්පිනිය අවසන් මොහොතේ ගත් ඡායාරූපය ප්‍රසිද්ධ කෙරේ (PHOTO)

පිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2013 වසරේ ජූලි 02 වෙනිදා පැවති පුහුණු අභ්‍යාසයක් අතරතුර පුපුරා ගිය මෝටාර් උණ්ඩයකට හසුව විසි දෙහැවිරිදි හිල්ඩා ක්ලේටන් සහ ඇෆ්ගනිස්තාන හමුදා සෙබළු සිව් දෙනෙකු මරුමුවට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.


හිල්ඩා ක්ලේටන් යටතේ ඡායාරූප මාධ්‍යකරණය පිළිබඳ පුහුණුව ලැබූ මරුමුවට පත් සෙසු පුද්ගලයන් අතර සිටි ඇෆ්ගනිස්තාන සෙබළෙකු විසින් ගනු ලැබූ ඡායාරූපයක් ද ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම අනතුර සිදු වූයේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පිහිටි ලග්මන් පළාතේදීයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.