Header Ads

මල් වැස්සේ තනියම කුඩ ඉහළගෙන – ජනපති ඉන්දීය අගමැති සමඟ දළඳා වහන්සේ සරණ යයි! (PHOTOS)


ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (12) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශී්‍ර දළදා සමිදුන් වැද පුදා ගත්තේය.

ඒ මොහොතේදී මහනුවර ප්‍රදේශය තරමක වැසි තත්වයක් පැවති අතර ආරක්ෂකයින් සහ ආවතේවකරුවන් රැසක් සිටියද දෙරටේ නායකයන් දෙපළ සියතින්ම කුඩ ඔසවාගෙන මාලිගා පරිශ්‍රය දක්වා පයින් ගමන්කල අතර එය විශේෂ සිදුවීමක් විය.

දළදා මාළිගාව වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දළදා මාළිගා පරිශ්‍රයේ දී මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්  බැහැ දැක උන්වහන්සේලාට අට පිරිකර පූජා කළේය.

අනතුරුව දළදා මාළිගාවේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

ඉන්දීය රජයේ පරිත්‍යාගයෙන් ඉදිකෙරෙන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ උඩරට නර්තන පීඨයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ ද ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඒ මොහොත පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිට ටුවිටර් ගිණුමේ තැබූ සටහන සහ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල ජායාරූප පහතින් දැක්වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.