Header Ads

වෙසක් දවසේ විමල්ගේ නිවසේ කළු කොඩි තිබුනේ මෙහෙමයි (Photos)


විමල් විරවංශ යනු ජනතාගේ හිත් ඇදගන්නා කථිකයෙකි.පර්සි මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී මෙන්ම 2010 වසරේදීද ජයක්ග්‍රහනය කරවීමට පෙරමුණේ සිටි කථිකයෙකි.විමල්ට එවෙනුවෙන් පර්සි මහින්ද රාජපක්ෂ මහතාද හොදින් සැලකුවේය.

නමුත් විමල්ට 2010න් පසු පර්සි මහින්දගේ පාලන කාලය එපාවන්නට ගත්තේය.ඔහු මහින්දට එරෙහිව සටන ඇරබුවේය.කෙසේ වෙතත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ලිපිගොණු මහින්ද අතට පත්වීම සමග ඔහු නැවත මහින්ද වන්දනාවේ යන්නට පටන්ගත්තේය.

එක වරකදී මහනායක හිමියන් මුණගැසෙන විමල් විරවංශ මහතා මහානායක හිමියන්ට පවසන්නේ අලුතින් හදන ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය අහිමිකර ඇති බවයි.කෙසේ වෙතත් මහානායක හිමියන් ඔහුට පෙරලා පවසා තිබුනේ එවැන්නක් තවම සිදුකර නැති නිසා අනවශ්‍ය බියක් අතිනොකර සිටින ලෙසයි.

විමල් විරවංශ මහතා වාහන 48ක් අවභාවිතාකිරිම සම්භන්දව රිමාඩ් කිරීමට එරෙහිව ඔහු විසින් උපවාසයක් ආරම්භකරනු ලැබුවත් ඔහුට එම උපවාසය වෙනදාමෙන් කෑම හා ජලය පානයට නොහැකි වන්නේ සියලු තොරතුරු එලියට යා හැකි එකක් වන බැවිනි.අවසානයේදී ඔහුගේම සට්ටැබි පිරිසක් මහා සංඝරත්නයෙන් ලිපි සකස්කරගෙන ගොස් අත්සන් ගෙන ඔහුට ලබාදී උපවාසය අත්හරියි.තවමත් ඔහු වාහන 48ක් අවභාවිතාකිරිම සම්භන්දව චෝදනාවට ලක්ව ඇප පිට සිටින පුද්ගලයෙකි.

කෙසේ වෙතත් මැයි දිනයේදී ඔහුගේ කතාවේදී ඉන්දීය අගමැති ලංකාවට පැමිණෙන විට කළු කොඩි ඔසවන්න කියා ජනතාවට ලණුවක් දුන්නේය.ඒ ලණුව මේ රටේ ජනතාව ගිල්ලේ නැත.එයට හේතුව කිසිදු නිවසක කළුකොඩි දමාතිබුනු බවට මේ වන තෙක් වාර්තාවී නොතිබීමයි.කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාද මොදී අගමැති හමුවීමට අවස්ථාවක් ඉල්ලා හමුවූ අතර මොදී අගමැති සාභාගිවු උත්සවයකටද සම්භන්ද විය.

විමල් වීරවංශට කනට ගැහුවා වගේ විය.කෙසේ වෙතත් ජනතාවට කළු කොඩි ඔසවන්නකී මේ දේශප්‍රේමියා මොඩි පැමිණෙන දියයේදී කිසිදු කළු කොඩියක් නොදමා සිටීම කනගාටුවට කරුණක් නොවේද?මොහු සිදුකරන්නේ ජතාව කුපිතකර සිය දේශපාලන උවමනා සිදුකිරීම පමණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.