Header Ads

කෙල්ලන් විකිණීමට තිබේ -කාන්තාවන්ගේ අඩනිරුවත් ජායාරූප යොදා – අසහනකාරයින්ට ගණිකාවන් සම්බන්ධ කරන – අලුත්ම ජාවාරම මෙන්න (PHOTOS)

කෙල්ලන් විකිණීමට තිබේ යන නාමය යටතේ පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක් හරහා කාන්තාවන්ගේ ජායාරූප අනවසරයෙන් පළකරමින් පුද්ගලයින් රැවටීමට ලක් කරනු ලබන ජාවාරමක් පිළිබඳව තොරතුරු අපවෙත වාර්තා වී තිබේ.

ෆේස්බුක් සහ පෞද්ගලික හුවමාරූන් හරහා ලබාගත් කාන්තාවන්ගේ අඩනිරුවත් ජායාරූප පළ කරමින් ඔවුන්ව ගණිකාවන් ලෙස හංවඩුගසන මෙම ෆේස්බුක් පිටුව, එම කාන්තාවන්ගේ ජංගම දුරකතන අංක පළ කරන අතර විවිධ අසහනකාරී පුද්ගලයින් එම අංක වලට ඇමතීම නිසා ඔවුන් දැඩි මානසික පීඩනයට ලක්ව සිටින බවද අනාවරණය වී තිබේ.

මෙම ෆේස්බුක් පිටුව හරහා සම්බන්ධවන පුද්ගලයින්ට ගණිකාවන් සම්බන්ද කර දෙන බව පවසා ඔවුන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කර ඇත.

අහිංසක කාන්තාවන්ගේ චරිත ඝාතනය කරන මෙවන් සමාජ පිළිල ඉවත් කිරීම සඳහා අදාළ ෆේස්බුක් පේජය report කරන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිමු.


1 comment:

  1. plz help me! athtama kiyanawanag mata sinhala kiyawanda dan na! ma post eka inna ekkanik mang adurana kana! a hinda monawada makan kiyala tiyanna kiyala mata kiyanda ko

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.