Header Ads

ලන්ඩන් නගරයම දුමාරයෙන් වැසීගිය මහල් 27ක නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නේ සම්පූර්ණ ඡායාරූප පෙල මෙන්න (PHOTOS)

බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන්ෆෙල් මහල් නිවාස සංකීර්ණය හටගත් ගින්නෙන් සැලකිය යුතු පිරිසක් මියගොස් ඇතැයි මේ වන විට අනුමාන කෙරේ.

මහල් 27කින් යුතු මෙම ගොඩනැගිල්ල මුලුමනින්ම පාහේ ‍ගින්නෙන් වෙලී යනු බොහෝ දෙනෙකු දැක තිබේ.

චෙල්සි නගරසභා බල ප්‍රදේශයට අයත් මෙම මහල් ගොඩනැගිල්ලේ නිවාස ඒකක 120 තිබී ඇති අතර  ගින්න හටගැනීමත් සමග පොලිසිය සහ ආපදා සහනසේවා භටයන් ඉන් කොටසක් ඉවත් කර ගැනීමට සමත්ව තිබේ.

ගින්න පාලනය කිරිම සදහා ගිනි නිවන රථ 40 ක් සහ ගිනි නිවන භටයන් දෙසියයක් යෙදවු බව ලන්ඩනයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ තනා නිමවූ එහි ඉදිකිරීම් සඳහා ස්ටර්ලින් පවුම් කෝටියක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි එකසිය අනූපහක් පමණ) වැය වූ බව පැවසේ.

මෙම ගිනි ගැනීමට හේතුව ත්‍රස්ත ක්‍රියාවක් බවට මේ වන විට අනුමාන කෙරෙන අතර ‍මෙයින් මරණයට පත්වූ සංඛ්‍යාව මෙතාක් නිස්චය වී නොමැත.  මින් තුවාල ලැබූ 50 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

මෑතක දී ලන්ඩනයට එල්ල වූ සිව්වන ප්‍රහාරය මෙය විය හැකි වන අතර මෙම තත්ත්වය යටතේ මුළු ලන්ඩනයම ත්‍රස්ත බියකින් ඇළලී ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.

කෙසේ හෝ මෙම ගින්නෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නැතැයි විදේශකටයුතු අමාත්‍යංශය නිවේදනය කොට ඇත.




























No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.