Header Ads

රුපියල් 500ක් රැගෙන කොළඹට පැමිණි අද වන විට ලංකාවේ පළවෙනි කෝටිපතියා දම්මික පෙරේරාගේ ජිවිත කතාව මෙන්න.


ව්‍යපාරිකයෙකු වන කුරුප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා මහතාගේ කතාව මැලිබන් මුදලාලි නම් කාර්යශුර ව්‍යවසයකයාගේ ජයග්‍රණයේ කතාවට තරමක් දුරට සමානයි.

අවුරුදු 19ක් වැනි ලාබාල වයසකින් කිසිම ව්‍යසායක පසුබිමක්, සමාජ පසුබිමක් හෝ කිසිම සම්බන්ධතාවයක් නොමැතිව තම සාක්කුවේ රුපියල් 500ක් වැනි ඉතා සුළු මුදලක් ඇතිවයි ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසුනේ. බැංකු, විදුලි බලාගාර, කැසිනෝ ආයතන, හෝටල් සහ නැව් ඇතුළුව මිලියන ගණනක් වටිනා ආයෝජනයන් අද වන විට ඔහු සතුව පවතිනවා.

ධම්මික පෙරේරාගේ ජයග්‍රහණ බොහෝමයක් ඇත. කොළඹ නගරය මධ්යයේ පිහිටි ඉතා සාර්ථක කැසිනෝ තුනකට මෙන්ම බඩු නැව් දෙකකට ඔහු හිමිකම් කියනවා. එපමණක් නොව 9% ක කොටස් ප්රමාණයක් සහිතව NDB හි තනි විශාලතම කොටස්කරුවා වන්නේද ඔහුයි. එමෙන්ම කලින් පෑන් ඒෂියා බැංකුව නමින් තිබු වත්මන් PBA බැංකුවෙහි කොටස් වලින් 10%ක් ද, රෝයල් සෙරමික් ආයතනයේ කොටස් වලින් 29%ක් ද, එල් බී ෆිනෑන්ස් ආයතනයේ කොටස් වලින් 20%ක් ද, Connaissance හී කොටස් වලින් 51%ක් ද ඔහු සතුවේ. ඊට අමතරව එම ආයතන වල ප්රධාන මණ්ඩලයේද සේවය කරන ඔහු විදුලි ව්යපෘති දෙකකටද හිමිකම් කියන්නෙකි.

“සෙලාන් බැංකුව හා සෙලින්කෝ හි ඒකාබද්ධ සභාපති ලලිත් කොතලාවල සහ සම්පත් බැංකුවේ සභාපති එඩ්ගා ගුණතුංග සහ එහි කළමණාකාර අධ්‍යක්ෂ අනිල් අමරසුරිය යන පිරිසගේ සහය මා හට නොලැබුණේ නම් මේ කොටස් වෙළද පොලේ මගේ ආයෝජන (NDB, රෝයල් සෙරමික්, එල් බි ෆිනෑන්ස් සහ Connaissance යන ආයතනයන් හී ඔහුගේ සියලුම ආයෝජන 2001,2002 වසර වලදී කරන ලදී.) අද මගේ නොවන්නටද පුළුවන්” යැයි ධම්මික පෙරේරා මහතා පැවසීය.

2001 වසරේදී මා හට NDB හා රෝයල් සෙරමික් ආයතන වල කොටස් සදහා ආයෝජනය කිරීමට රුපියල් මිලියන 60ක් අවශ්‍ය වූ අවස්ථාවේදී කොතලාවල මට මා හට අවශ්‍ය මුදල මෙන් හතර ගුණයක් එනම් රුපිලය් මිලියන 240ක් ලබා දුන්නා යැයි ඔහු පැවසීය. එමෙන්ම 2002 වසරේදී මා හට රුපියල් මිලියන 50ක් අවශ්‍ය වූ විට ඔවුන් මා හට රුපියල් මිලියන 150ක් ලබා දුන්නා යැයි පෙරේරා මහතා පැවසීය.

NDB ආයතනයේ කොටසක් රුපියල් 20 – 60 අතර මුදලකට පවතින කාලයේදී තමයි ඔහු එහි ආයෝජනය කලේ. නමුත් දැන් වන විට එක රුපියල් 90ක් පමණ වෙනවා. ඔහු තව දුරටත් පැවසුවේ තමාගේ ණය සදහා බැංකු මගින් අය කරනු ලබන පොළියට වඩා වැඩි මුදලක් ඔහුට ඔහුගේ ආයෝජන වලින් ලැබෙන බවයි. “මා හට කිසිම විදේශීය හවුල්කරුවන් නැත. මගේ සියලුම ආයෝජන සදහා අවශ්‍ය මුදල් මා දේශීය ගැනුම්කරුවන්ගෙන් තමයි ලබා ගත්තේ.” යැයි ඔහු පැවසිය. වෙහෙස මහන්සි වී වැඩ කිරීම පෙරේරා මහතාගේ සාර්ථකත්වයට හේතුවයි.

ඔහුගේ ජිවිත කතාව සුරංගනා කතා පොතක කතාවක් කියවනවා හා සමානයි. ” 1987 දී මට වයස අවුරුදු 19ක් වූ අතර මගේ අම්මා මා හට රුපියල් 500ක් ලබා දුන්නේ සපත්තු කුට්ටමක් මිලදී ගැනීම සදහායි. මෙම කාල වකවානුව වන විටදී මම මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික් පිළිබද ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සදහා සුදුසුකම් ලබා සිටියෙමි.

එහෙත් ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ කරදර හටගෙන ඇති බැවින් කැම්පස් විවෘතව තබන දවස් ගන්නට වඩා වැඩියෙන් වසා තැබුණා. මම හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් මගේ අධ්‍යාපනය ලබගෙන පයියගල, කළුතර තමයි හිටියේ. නමුත් එම කාලවකවානුවේදී මම පිටකොටුවේ කැෆේ එකක් පවත්වාගෙන ගිය මගේ මාමා සමග තමයි ජිවත් වුනේ.

මගේ මාමා ගේ අවන්හල ඉදිරිපිට පදික වේදිකාවේ වෙලදාම් කරන්නෙක් පැමිණ වෙලදාම් කරන්නට පටන් ගත්තා. මම සපත්තු දෙකක් ගන්නවා වෙනුවට ඔහු හා මා අතර ලාභය බෙදාගැනීමේ පදනම මත ව්‍යාපාරය කරගෙන යෑමට මා ඔහුට ඒ රුපියල් 500 ණයට දුන්නා. එම පදික වෙළෙන්දාගේ ජීවිතය ඉතාමත් දුෂ්කර එකක් විය. උදේ පාන්දරින්ම වෙලදාම් කටයුතු ආරම්භ කරන ඔහු සැන්දෑ වන තුරුම එක දිගට එම කටයුතු සිදුකරයි. ඔහුට වෙලදාම් කටයුතු කිරීමේදී නිදහසේ සිටීමට හෝ ඔහුගේ ආහාර වේල සදහාවත් වෙලාවක් බොහොමයක් දින වලදී ලැබුනේ නැත.

මගේ රුපියල් 500ක ප්‍රාග්ධන ආයෝජනය නිසාවෙන් මා හට දෛනික පදනම මත රුපියල් 200ක් මා හා පදික වෙළෙඳ අතර ගනුදෙනුවෙන් ලැබුණි. මෙම ගනුදෙනුව මාස තුනක කාලයක් පමණ පවතී අතර මෙම කාල පරිච්ඡේදය තුළදී මම රුපියල් 74000ක ශුද්ධ ලාභයක් ලබාගත්තෙමි. ඉන් පසුව මම Grayline සමුහයෙහි ලාල් විජේරත්න මහතාගෙන් ස්ලොට් යන්ත්‍ර හා ජැක්පොට් යන්ත්‍ර 5ක් ණයට ලබා ගත්තා. ඒවා ඉසුරුගිරි හෝටලය නමින් හැදින් වූ මගේ මාමා ගේ අවන්හලේ තබා ගත්තා.

මගේ හා විජේරත්න මහතා අතර හවුල් ව්‍යාපාරයේ 30%ක් මා වෙනුවෙන්ද ඉතිරි 70% ඔහුටද වෙන් විය. එය ඉතාමත් සාර්ථක හවුල් ව්‍යාපාරයක් වුණා. නමුත් මා හට ස්ලොට් යන්ත්‍රයෙහි තාක්ෂනය ඉගෙන ගන්නා තුරු ඉස්පාසුවක් තිබුනේ නැත. ඒ 1988 දිය. ඒ වන විට මට වයස අවුරුදු 20ක් වෙනවා. ඒ වගේම ඒ කාලයේදී මා මොරටුව විශ්ව විද්‍යාලය හැර ගියා. තාක්ෂනය ඉගෙනීමට තිබු ආසාව නිසා මම මාස හයක පාඨමාලාවක් හැදෑරීම සදහා තායිවානය බලා පිටත් විය.

නමුත් මම මාස තුනකට පසුව තායිවානයේ සිට පැමිණියා. මොකද ඒ තාක්ෂනය ඉගෙන ගැනීමට මට ඒ කාලය ප්‍රමාණවත් වූ නිසා. ඉන් අනතුරුව මම මගේම ස්ලොට් යන්ත්‍රයක් නිපදවාගෙන මගේ මාමාගේ අවන්හලේදී එය ක්‍රියාත්මක කරනු ලැබුවා. මම මාමාගේ අවන්හලේ සිටි නිසා එහි ප්‍රතිපලයක් ලෙස මගේ ස්ලොට් යන්තරයෙන් ලැබෙන මුළු ආදායම ම මා හට තබා ගැනීමට හැකි වුවා.

මේ වන විට මගේ මාමාගේ අවන්හල මිලදී ගැනීමට වුවද ප්‍රමාණවත් මුදල් මා සතුව තිබුනා. 1991 දී මට වයස අවුරුදු 23ක් වන විට යන්ත්‍ර 285ක් ක්‍රියාත්මක වූ අතර මා හට මිලියන ගණනක් ලැබුණා.

නමුත් 1991 දී මහත් ව්‍යසනයක් සිදු වුණා. එකල ජනාධිපති වී රණසිංහ ප්‍රේමදාස මහතා ජැක්පොට් යන්ත්‍ර තහනම් කළා. එවිට ඔහු කුමක් කරන්න ඇතිද..
ඔහු ඔහුගේ පයියගල නිවසේ කාර් මධ්‍යස්ථානයක් විවෘත කළා. එය අනුරාධ Traders ලෙස නම් කළා. අද වන විට අපිට කිරුලපන, මිගමුව, මහනුවර හා පෑලියගොඩ ප්‍රදර්ශනාගාර 4ක් තිබෙනවා.

1993 දී මම මගේම කැසිනෝ ව්‍යාපාරයක් ඉසුරුගිරියේ ආරම්භ කළා. එය Capricorn ලෙස හැදින්වෙනවා. ඔබ දන්නවා ඇති කැසිනෝ තරග වලදී ප්‍රධාන වශයෙන් ක්‍රීඩා 4ක් පවතිනවා. එයින් තුනක්ම card games. Black Jack, Baccarat සහ Porker. අනෙක් game එක Roullete.

ඉන් පසු මම 1995 දී වයස 27 දී MGM කැසිනෝ එකක් කොළඹ විවෘත කළා. ඒ අනුව යමින් 1996 දී Ballys හා 1998 දී Bellagio කැසිනෝ ආයතන කොළඹ විවෘත කළා. මම මගේ කැසිනෝ ආයතනය විදේශිකයන්ට පමණක් සිමා කළා. එයට හේතුව ලංකාවේ පුද්ගලයන්ට එයට යාමට අවසර ලබා දුන්නොත් එය ඉතාමත් විශාල අවුල් ජාලයක් වෙන නිසාවෙනි. 1998දී කාල්ටන් සිද්දියේදී ෆිජි රාජ්‍යයේ ජොයෙල් පේරා වෙඩි තබා ඝාතනය කළා. පසුව පසුතැවෙනවාට වඩා ආරක්ෂා වෙන එක හොද නිසා මා මෙම සිමාවන් පනවනු ලැබුවා.

ඔහුගේ කැසිනෝ ව්‍යාපාරයට පැමිණෙන බොහොමයක් විදේශිකයන් චීන, හොං කොං හෝ සිංගප්පූරු ජාතිකයන් බව ඔහු පැවසිය. ඔහුගේ අනිකුත් ව්‍යාපාරික කටයුතු පිලිබදව පවසමින් ඔහු පැවසුයේ ඔහු 1998 වසරේදී ඩොලර් මිලියන 1.8ක් බඩු නැව් දෙකක් මත ආයෝජනය කරමින් ඔහුගේ නැව් ව්‍යාපාරය ආරම්භ කල බවයි. එකක් කොළඹ සිට තුත්තුකුඩිය දක්වාත් අනෙක ඩුබායි සිට ඉන්දුනීසියාව දක්වාත් යාත්‍රා කරන්නේ යැයි ඔහු පැවසිය.

එමෙන්ම රුපියල් මිලියන 600ක් පමණ පිරිවැයක් යොදා ඔහු මෙගා වොට් 10 ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කළා. “මගේ අරමුණ වැලිබල් හෝල්ඩින්ග්ස් සමාගම මහජන සමාගමක් බවට පත් කිරීමට” ඔහු කිවේය. ඒ වගේම මම මගේ ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට දැන් අවුරුදු කිහිපයක් තිස්සේ වැඩ කරගෙන යමින් සිටිනවා. කුරුවිට ප්‍රදේශයේ පිහිටා ඇති එරත්න ව්‍යාපෘතිය ද 100% ක් වැලිබල් එකට අයත් මෙගා වොට් 10 ජල විදුලි බලාගාර ව්‍යාපෘතියකි. ඒ සදහා DFCC බැංකුව සමන්විත බැංකු මුල්‍ය ආයතන සමූහයේ, පුද්ගලික අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, සම්පත් බැංකුව හා කොමර්ෂල් බැංකුව විසින් අරමුදල් සපයා ඇත.

මිට අමතරව පෙරේරා මහතා විසින් Beverly Street නමින් පැය 24ම විවෘත සාප්පුවක් කොළඹ ඩුප්ලිකේෂන් පාරෙහි ආරම්භ කළේය. ඒ වගේම දකුණු පළාතේ හා ත්‍රිකුණාමලයේ හෝටල් සැදීමට අප තීරණය කළා. නමුත් ඉඩම් සෙවීමට ගිය අප බාලදක්ෂ කණ්ඩායම් බලාපොරොත්තු සුන් වූ මනසින් නැවත පැමිණියා. ඒ සදහා ප්‍රධානම හේතුව වන්නේ වෙරල තිරයේ පවතින පැල්පත් නිවාස පේළියයි. තම කාමරයේ ජනේලයෙන් එලිය බලන විට පැල්පත් පේලියක් හා කලබලකාරී වටපිටාවක් පෙනෙන විට ඒ එක කාමරයක් සදහා ඩොලර් 100ක් වියදම් කිරීමට කිසිදු විදේශිකයෙක් කැමති වේ යැයි සිතන්නට නොහැකි යැයි පෙරේරා මහතා පැවසිය.

කොටස් වෙළදපොල මත ආයෝජන රදවා තැබීම පිලිබදව මම විශ්වාස කරන්නේ නැහැ. මගේ ආයෝජන වලට ප්‍රමාණවත් තරම් ප්‍රතිලාභ මට ලැබෙන්නේ නැති නම් මම මගේ ආයෝජනය ඉවත් කර ගන්නවා. මම කලින් කිවුවා වගේ NDB කොටස් ආයෝජනය තුල මගේ ආයෝජන පිරිවැය කොටසකට රුපියල් 20 – 60 කලාපය තුළ විය.දැන් එම කොටස් රුපියල් 90. ක මුදලක් වෙනවා. මම මගේ ආයෝජන ඉවත් කරගන්නවා කියල මම කියන්නේ නෑ. නමුත් මට හිතුනොත් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ කියලා මම මගේ ආයෝජන ඉවත් කර ගන්නවා යැයි පෙරේරා මහතා පැවසිය.

අපට දියුණුවෙන්න අවශ්‍ය නම් සිදුකල යුතු එකම ධනාත්මකව සිතීමට පුරුදු වීමයි. රජයට බැහැ අපට අවශ්‍ය හැම දේම ලබාදෙන්න. ඒ නිසා අපි වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. බොහොමයක් පුද්ගලික අංශයේ සේවකයන් දවසට පැය 8ක් වැඩ කරනවා. නමුත් රාජ්‍ය අංශයේ අය එහෙම නැ. දියුණු වෙන්න නම් විනිවිද භාවය ඉතාමත් වැදගත් වෙනවා.
මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.