Header Ads

ඔබත් හසු උනාද ? - ෆේස්බුක් හරහා ලක්ෂ 500 ක දැවැන්ත වංචාවක් කල මහ මොළකරුවන් අල්ලයි

ෆේස්බුක් ඔස්සේ පුද්ගලයින් රවටා මුදල් වංචා කළ විදේශිකයින් 25කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් නයිජීරියානු හා උගන්ඩා ජාතිකයින් බව ය.

සැකකරුවන් ෆේස්බුක් මගින් විවිධ පුද්ගලයින් සමග මිතුරුකම් ගොඩනගා ඔවුන්ට ත්‍යාග එවන බව පවසමින් මුදල් වංචා කර ඇති බව ය.

සැකකරුවන් අදාළ ත්‍යාග එවීම සඳහා වැයවන රේගු ගාස්තු හා රක්ෂණ ගාස්තු වශයෙන් මෙම මුදල් වංචා කිරීම් සිදුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

එවැනි මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි 15කට අධික සංඛ්‍යාවක් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකාර විදේශිකයින් මීගමුව, ගල්කිස්ස, දෙහිවල, ගාල්ල, හා මාලබේ ප්‍රදේශවල තාවකාලික නැවතුම්පොළවල රැඳී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව ය.

විමර්ශනවලට අනුව සැකකරුවන් විසින් වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 500කට අධික ය.

ඔවුන් සංචාරක හා අධ්‍යාපන වීසා මත මෙරටට පැමිණ ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අපරාධ හා වංචාවන්ට හසුවන අවස්ථා මේ වන විට සමාජයේ සුලබ වී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.