Header Ads

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 684ක් දිවයින පුරා


දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 684ක් පවතින බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසා තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ වසර ඇතුළත ඉන් 200ක් සඳහා ආලෝක සංඥා පද්ධති සහ සීනු සවි කිරීමට පියවර ගෙන ඇති බව ය.

හඳුනාගෙන ඇති සියලු අනාරක්ෂිත හරස් මාර්ග සඳහා එම ආලෝක සංඥා පද්ධති සවි කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර පසුගිය 27 වන දා සිදු කළ විශේෂ වැටලීමකින් වසා දමා තිබියදී දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කළ පුද්ගලයින් 29 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

එහි ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, දුම්රිය අනතුරු ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බව ය.

එවැනි වැටලීම් දිවයින පුරා සිදු කිරීම සඳහා සේවා ස්ථාන 26කින් කණ්ඩායම් යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.