Header Ads

දිස්ත්‍රික්ක 7ක ඉදිරි පැය 24 ක් තුළ නාය යෑමේ අනතුරු ඇඟවීම්.


දිස්ත්‍රික්ක 7 කට ඉදිරි පැය 24 ක කාලයක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම අද පස්වරුවේදී යළි දිර්ග කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් සහ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස් බණ්ඩාර මහතා සඳහන් කළේ, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කළ බව ය.

මේ වන විටත් එම ප්‍රදේශවලට වැසි පතිත වීම හේතුවෙන් නාය යෑමේ අවධානම පහව ගොස් නොමැති හෙයින් අනතුරු ඇඟවීම නිකුත් කිරීමට හේතු වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසූවේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.