Header Ads

ශ්‍රී ලංකාවට ලකුණු 96ක පරාජයක්: උපුල් තරංගට තරග තහනමක්

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ පැවති තරගය මෙහෙය වූ ශ්‍රී ලංකා නායක උපුල් තරංගට, තරග 2ක තහනමක් පනවා තිබේ.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට හිමි කාලය තුළ පන්දු යැවිමට අසමත්වීම හේතුවෙනි.

ඒ අනුව උපුල් තරංගට ශූරයින්ගේ කුසලානයේ මීළඟ තරග 2 අහිමි වනු ඇති.

ලන්ඩන්හී කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය ලකුණු 96කින් ජය ගැනිමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 299කි.

හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් හෂීම් අම්ලා ලකුණු 103ක් රැස් කළේය.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 75යි

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු54කදී කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය.

ලකුණු 300 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 43යි පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 203ක් පමණි.

නායක උපුල් තරංග ලකුණු 57ක් රැස් කළ අතර නිරොෂන් දික්වැල්ල ලකුණු 41ක් රැස් කළේය.

කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 44යි.

ඉම්රාන් තහීර් ලකුණු 27 කදී කඩුලු 2ක් දවා ගත්තේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.