Header Ads

වසීම් තජූඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධව රිමාන්ඩ් භාරයේ සිටි අනුර සේනානායකට ඇප.


රගර් ක්‍රීඩක වසීම් තජූඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද ඇප මත මුදා හැරිණි.

අනුර සේනානායක මහතා අද ඇප මත මුදා හැරුණේ, කොළඹ ප්‍රධාන මහාධිකරණයට ඔහු ඉදිරිපත් කළ ඇප අයැදුම් පත සලකා බැලීමෙන් අනතුරුව ය.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත ඔහු මුදා හැරිණි.

ඇප ලබා දීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, අනුර සේනානායක මහතාට සෑම ඉරිදාකවක ම පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ය.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළේ ය.

සාක්ෂිකරුවන්ට සහ පරික්ෂණවලට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බව ද විනිසුරුවරයා අනුර සේනානායක මහතාට දැනුම් දුන්නේ ය.

අනුර සේනානායක මහතා තජූඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය වසරේ මැයි මස 23 වන දා ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.