Header Ads

ලිඛිතව සමාව ඉල්ලපු මාලිංගට දුන්න දඬුවම මෙන්න ..

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මාස 6ක පරිවාස කාලයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ මාස 6ක කාලය තුළ අදාළ සිය ආයතනය සමග ඇති ගිවිසුම කඩවන අයුරින් කටයුතු කළ හොත් මාලිංගට එරෙහිව වසරක තරග තහනමක් පැනවීමට පියවර ගන්නා බවයි.

මාලිංගට එරෙහිව එල්ල වූ විනය විරෝධී චෝදනා ඔහු ලිඛිතව පිළිගෙන සමාව අයැ ද සිටි බව ද අදාළ නිවේදනයේ සඳහන්වේ.

මේ අතර ඉදිරියේදී ඔහු සහභාගීවීමට නියමිත මීළඟ පළමු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී මාලිංගට හිමි තරග ගාස්තුවෙන් 50% මුදලක් දඩ ලෙස නියම කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.