Header Ads

උමාඔය උමං මාර්ගයෙන් තවත් ගමකට අවධානම්…


උමාඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ අභ්‍යන්තර ජල වහනයක් හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලය ඇතුළු කිනිගම ප්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි රැසක් අවදානමකට ලක්ව තිබෙනවා.

ප්‍රදේශයේ බොහෝ නිවාස සහ ගොඩනැගිලි ඉරිතැලීම්වලට ලක්ව ඇති බවඅප වාර්තාකරු සඳහන් කළා.

උමාඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ තවත් කිලෝමීටර් පහක පමණ ප්‍රමාණයක් ඉදිකළ යුතුව තිබෙන අතර අභ්‍යන්තර ජලවහනය ඊට බාධාවක් වී ඇති බවයි සඳහන් වන්නේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඊයේ (17) මේ සම්බන්ධයෙන් නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ඉදිකිරීම් භාර ඉරාන සමාගමට උපදෙස් ලබාදුන් බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.