Header Ads

චීත්තවලට මුවාවෙලා මඩගහන පිරිමින්ට ආපු ගමන් නඩු දානවා. එන්න කලින් දාපු ඒව ඉවත්කරගන්න - ඕෂධී හේවාමද්දුම


ඕෂධී හේවාමද්දුම සම්බන්ධයෙන් පසුගිය සතියේ සමාජජාල වෙබ් අඩවි තුළින් කතාබහක් ඇතිවුණා.

ඒ ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ Miss Top Of The World 2017 නම් තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමගයි.

ඇයට එම තරඟයේ ජනතා කිරුළ හිමිවූ අතර එහිදී වැඩිම මනාප හිමිකරගෙනන Miss Top Of The World People Choice 2017 කිරුළ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවුණා.

එහෙත් සමාජජාල වෙබ් අඩවි තුළ සඳහන් වුනේ ඇය ලැබුන කිරුළ ප්‍රධාන කිරුළ ලෙස අර්ථ ගැන්වෙන පරිදි ඇය පෙන්වීමට තැත්කල බවයි.

ඒ සම්බන්ධයෙන් ඇය වීඩියෝ පටයක්ද එක්කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වුණේ.

කෙසේවෙතත් අසත්‍ය ප්‍රචාරයක් පළ කරමින් ඇතැම් වෙබ් අඩවි ඇයට මඩ ප්‍රචාරය කර තිබූ බව ඇය පවසා සිටි අතර ඒ සම්බන්ධයෙන් ඇය ශ්‍රී ලංකාවට පැමිණි විගස නීතිමය පියවරක් ගැනීමට කටයුතු කරන බවටද ඇය පවසා තිබෙනවා. එලෙස කිරීමට හේතුව වන්නේ ඇයට මෙමගින් අපහාස සිදුවූ නිසා බවයි ඇය පවසා ඇත්තේ.
.

මේ ඒ සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස්.


Posted by Oshadhi Buddhima Hewamadduma on Thursday, June 1, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.