Header Ads

ඉන්දියාවට එරෙහි විශිෂ්ඨ ජය, ගංවතුරෙන් විපතට පත් වූවන්ට

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දීය කන්ඩායමට එරෙහිව ඊයේ ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණය ශ‍්‍රි ලංකාවේ ගංවතුරෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කැප කරන බව කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. 

මෙම ජයග‍්‍රහණය තුලින් විපතට පත් වූවන්ට කිසියම් හෝ සතුටක් ලබා දීමට හැකි වූයේ නම් එය කණ්ඩායමක් ලෙස ලැබූ විශිෂ්ට අවස්ථාවක් බවයි ඔහු කියා සිටින්නේ. 

මේ අතර, ඊයේ තරගයේ දී ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම දිල්රුවන් පෙරේරා ද අතිරේක ක‍්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.