Header Ads

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කරමින් පකිස්ථානය අවසන් පූර්ව තරගයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමට පකිස්ථානය අද සමත් විය.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කරමින් ය.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

කාඩීෆ් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථාන ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 236 කි.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 73 ක් රැස් කළේය.

වේගපන්දු යවන්නන් වන ජුනයිඩ් ඛාන් සහ හසන් අලී අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් වෙනු වෙන් පිටියට පිවිසි පකිස්ථානයේ, අසාර් අලී පළමු පන්දුවටයේදීම ලබා දුන් උඩ පන්දුවක් ධනුෂ්ක ගුණතිලක අතින් අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.