Header Ads

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාරහිමිට වරෙන්තු..!!


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට විරුද්ධව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කළා.

ඒ ජාතික බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් 2014-04-09 වන දින කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට බාධා කිරීම හා කුරානයට අපහාස කිරීම යන පැමැණිලි සම්බන්ධයෙනි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහා අද ඥාණසාරහිමි ඉදිරිපත්ව සිටියේ නැහැ. උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයේ ඉදිරිපත්වූ නීතිඥයනි පදෙදෙනෙකු විසින් පරස්පර කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කෙරුණා. නඩුව නැවත අගෝස්තු 10 වන දින නැවත කැඳවීමට නියමිතයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.