Header Ads

බිපාෂාගේ අලුත්ම සෙල්ලම

හින්දි සිනමාවේ සරාගීම නිළියක් වන බිපාෂා බාසු විවාහ වූයේ කරන් සිං ගේ‍රා්වර් සමඟයි. 

මේ යුවළ ක්‍රීඩාවට තදින් ප්‍රිය කරනවා. මේ නිසාම 2020දී ජපානයේ පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගයේ ඉන්දීය ක්‍රීඩකයන්ට අනුග්‍රහය දක්වන්නට බිපාෂා - කරන් යුවළ බලාපොරොත්තු වෙන බව මාධ්‍යටත් ප්‍රකාශ කළා.

2020දී පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගාවලියට ඉන්දියාවෙන් සහභාගි වන තරගකරුවන්ට සහයෝගය දක්වන්නට බිපාෂා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. මේ ක්‍රීඩකයන්ට පුහුණුවීම් සඳහා පහසුකම් සැලසීම හා පෝෂණවේදීන්ගේ සහායත් ලබා දෙන්නට සියලු කටයුතු සූදානම්.

ක්‍රීඩා ගැන කවදත් වැඩි උනන්දුවක් දක්වන බිපාෂා මේ අවස්ථාවට ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මයි. ඉන්දීය ක්‍රීඩකයන්ට සහාය දෙන්න අවස්ථාව ලැබීම ගැන බිපාෂා ඉන්නෙත් සතුටින්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.