Header Ads

කොල්ලුපිටියේ සෙල්ෆි ගැසූ දුම්රියේ හැපුණු සිසුවාගේ හිස ගම්පහින් හමුවෙයි

කොළඹ කොටුවේ සිට අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.

මෙම හිස කොටස දුම්රිය ස්ථානයට බාර දීමෙන් පසුව පොලීසිය දැනුම් දී ඇති අතර මෙහිදී කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ මෙම හිස කොටස ඉරිදා (11) කොල්ලුපිටිය ප්‍රදේශයේදී ජායාරූප ගැනීමට යාමේ දී දුම්රියක ගැටුණු සොයුරන් දෙදෙනාගෙන් අවුරුදු 12 ක වයසේ දරුවාගේ බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර  නව නගරයේ පදිංචි පවුලක දරු දෙදෙනෙකු බවද අනාවරණය වී ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.