Header Ads

කිරි ගොවින්ගේ ප්‍රශ්නත් නිමා නොවේ. අද ජනපති සමඟ සාකච්ඡාව අසාර්ථක වුවහොත් දැඬි ක්‍රියා මාර්ග

කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී කිරි ගොවීන්ට විසඳුමක් ලැබෙනු ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න කියා සිටියේ. 

අද පැවත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී කිරි ගොවීන් කොළඹට කැඳවන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. 

කෙසේ වෙතත් කිරි ගොවීන්ගෙන් කිරි එක් රැස් කිරීමේ කටයුතු අඩාල වූ ඉකුත් සමයේ පැවති ගං වතුර තත්ත්වය හේතුවෙන් බවයි ග‍්‍රාමීය කටයුතු අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.