Header Ads

කුකුලේ ගඟ ජලාශය වාන් මට්ටමට: ජනතාවට විමසිලන්නේ සිටින්නැයි උපදෙස්.


පවතින වර්ෂාවත් සමග කුකුලේ ගඟ ජලාශය වාන් මට්ටමට පැමිණෙමින් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඕනෑම අවස්ථාවක වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින්, ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බව ය.

මේ අතර අද රාත්‍රියේ කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට තව දුරට ත් වැසි ඇති විය හැකි බව ය.

ඌව පළාතේ ත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ත් අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි වේ.

වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.