Header Ads

ශූරයින්ගේ කුසලානය පාකිස්ථානයට

පළමු වරට පකිස්ථාන කණ්ඩායම, ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඊයේ  සමත් විය.

ඒ, පසුගියවර ශූරයින් වූ ඉන්දීය කණ්ඩායම ලකුණු 180 කින් පරාජය කරමිනි.

ලන්ඩන්හිදී පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 339 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩකයින්ට පන්දුවාර 30යි පන්දු 3ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 158 ක් පමණි.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ, අනුව පන්දුවට පහර දුන් පකිස්ථාන ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් රැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 338 කි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්, ආරම්භක පිතිකරු ෆකර් සමාන් එක්දින දිවියේ මංගල ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 114 යි.

ජයග්‍රහණය සඳහා ලකුණු 339 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 54 ක් තුළදී බිඳ වැටිණි.

රොහිත් ශර්මා ලකුණු නොලබා දැවී ගිය අතර නායක විරාත් කෝලිට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 5 ක් පමණි.

ශිකර් ධවාන් ලකුණු 21 කට දැවී ගිය අතර යුවරාජ් සිං ලකුණු 22ක් රැස් කළ අතර හර්ඩික් පාන්ඩයා ලකුණු 76 ක් රැස් කළේ ය.

ඉන්දිය ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 6 ක් තුළදී බිඳ වැටිණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.