Header Ads

පෝය දිනවලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය ඉහළ ගිහිල්ලා. - මංගල


පෝය දිනවලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව තමාට හැගෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

ඒ නිසා බියර් සහ වයින් පානය කරන්නන්ට සහනයක් ලබා දිය යුතු බව අමාත්‍යවරයා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (21දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එසේම බියර් හා වයින් මිල සංශෝධනය කිරීම මගින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට මත්පැන් ආනයනය කිරීම අවම කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍ර‍කාශය නිසා ඉදිරියේදී පොහෝ දිනවල තැබෑරුම් වසා තැබෙන නීතිය ඉවත් කරන්නේ දැයි බොහෝ දෙනාට සැක මතුව තිබේ.


නීති විරෝධී මත්පැන් අවම කිරීමේ අපේක්ෂාවෙන් ඉදිරියේදී බදු සංශෝධන සිදු කරන බව ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙහිදී කියා සිටියා. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.