Header Ads

ඥාණසාර හිමියන්ට තුන්වන වරටත් ඇප නියම වේ!


පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇපමත මුදා හැරිණ.


ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

වැලිකඩ පොලිස් වසමේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හා පොලිස් පොලිස් නිලධාරියෙකු පරුෂ වචනයෙන් බැඳීම යන චෝදනා යටතේ උන්වහන්සේ එලෙස අත්අඩංගුවට ගැනිණ.

අධිකරණයට ඉදිරිපත් කළ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේ ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය අගෝස්තු 4 වන දින දක්වා කල් තැබීය.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් කරන ලද දැනුම් දීමක් අනුව ප්‍රකාශයක් ලබාදීමට අද දහවල් එම කොට්ඨාසය වෙත හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පියවර ගත්තේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.