Header Ads

මාලිංග ගැන ඇන්ජලෝ දීපු හදකම්පාවට පත්කරවන පිළිතුර.


ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරගයක් වූ ඊයේ (12) දිනයේ අත්වුණ අවසානාවන්ත තත්ත්වය ගැන ලැබූ පරාජයෙන් පසු කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිව්වේ මේ වගේ කතාවක්…..

අද පර්ෆෝමන්ස් බැලුවම අපි ඉතාමත ඛේදනීය මට්ටමක තමයි දක්ෂතා දකින්නට තිබුණා. ඒ උඩපන්දු අතහැරුනේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. පළවැනි ඕවරය වගේම අවසාන ඕවරය දක්වාම සෆ්රාස් කියන්නේ තීරණාත්මක සාධකයක්. ඔහු දවාගන්න තිබ්බ අවස්ථා කිහිපයක්ම අපිට මගහැරුණා. මම හිතුවා අපි යම්තාක් දුරකට දියුණු වෙලා කියලා. නමුත් අද දවස අපේ දවස නෙමේ.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- අසංක ගුරුසිංහ කියලා තිබුණා පන්දු රැකීම පත්තෙන් දියුණුවෙලා කියලා.

ඇන්ජලෝගේ පිළිතුර :- ඔව් අපේ ළමයි හුගක් මහන්සිවෙලා වැඩ කළා. අද අපි කැච් තුනක් මිස් කළා තමයි. නමුත් අවංකවම මැච් එක දිනවන්න අපි මහන්සිවුණා. දුර්වලතා නොතිබ්බා නෙමෙයි.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවද ඔබ රැස්කළ ලකුණු ප්‍රමාණය මදියි කියලා, නැත්නම් පකිස්ථානයේ පන්දු යැවීම විශිෂ්ඨයි කියලා ?

ඇන්ජලෝගේ පිළිතුර :- මෙහෙමයි අපි තරගයක් පැරදුනාම අපිට හැමතිස්සේම කියන්න පුළුවන්න බැටින් දුර්වලයි අනිත් කණ්ඩායමේ බෝලිං දුර්වලයි කියලා කියන්න පුළුවන්. නමුත් අද දවසේ අපේ පැත්තේ ලකුණු 30 – 40ක අඩුවක් තිබුණා. නමුත් මම මගේ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. ඔවුන් යමක් කරන්න උත්සාහ කළා. ජයග්‍රහණය අපේ පැත්තේ තිබුණේ. නමුත් පන්දු රැකීමේ දුර්වලතා නිසා එය අපෙන් ගිලිහී ගියා. ඉතිං හුගක් දේවල් අපේ පැත්තට වාසි වෙන විදිහට සිද්ධ වුනේ නැහැ. කාසියේ වාසිය තණතිල්ල.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවාද ලසිත් මාලිංගව යළිත් වරක් අපිට ජාත්‍යන්තර පිටියේදී දකින්න ලැබේවි කියලා ?

ඇන්ජලෝගේ පිළිතුර :- මට ඒ ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඒ ගැන එයා මොකුත් කිව්වෙත් නැහැ. පහුගිය අවුරුදු කිහිපයේම ලංකාවේ ටීම් එක වෙනුවෙන් හිටපු වටිනා ක්‍රීඩකයෙක් ඔහු. එයා තමයි අපේ චැම්පියන් බෝලර්.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවද කාසියේ වාසිය මේ තරගයේදි තීරණයත්මකයි කියලා ?

ඇන්ජලෝගේ පිළිතුර :- මෙහෙමයි ඒක දෙපැත්තටම යනවා ඉතිං. තණතිල්ලේ යම්කිසි තෙත් බවක් තිබුණා ඒකත් කියන්න ඕනේ.

අපිට ස්කෝර් කරපු ලකුණු ප්‍රමාණය මදියි. හැබැයි අද තරගයේදි කාසියේ වාසිය තීරණාත්මක වුණා කියලා කියන්න අමාරුයි. තව ඉතිං මෙහෙමත් කියන්න පුළුවන් අපේ කඩුළු කිහිපයක් මුල් අවදියේම කඩාවැටුණා


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.