Header Ads

හදිසියේම කැළණිය වසා දැමූ ඇත්ත හේතුව මෙන්න!..


දින දෙකකට ඉහතදී කැළණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ සියල්ලම ලබන 27 වනදා දක්වා වසාදැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හදිසියේම තීරණය කලා.

හදුනා නොගත් උණ රෝගයක් පැතිරයාමෙන් මෙලෙස විශ්වවිද්‍යාලය වසා දැමූ බවට පැවසුවත් සත්‍ය හේතුව ඩෙංගු රෝගය පැතිරයාම බව වාර්තා වී තිබේ.විශ්වවිද්‍යාලය සුද්ධ පවිත්‍ර නොකිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පාලනාධිකාරිය කටයුතු නොකිරීම නිසා විශ්වවිද්‍යාල පරිශ්‍රය දැඩි මදුරු වසංගතයකට ලක්ව ඇත.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ නොසැලකිල්ල නිසා සිසුන්ගේ අධ්‍යන කටයුතු වලට දැඩි බාධා එල්ලවීම පිළිබඳව බොහෝ දෙනෙකු සිය විරුද්ධත්වය පළකර ඇති අතර දලුගම විශ්වවිද්‍යාල පරිශ්‍රය මදුරු උල්පත් බවට පත්වීම පිළිබදව ගම්වාසීන් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට එරෙහිව නුදුරේදීම සිය විරුද්ධත්වය පළකරමින් කලහකාරී ලෙස කටයුතු කිරීමටද ඉඩ ඇතැයි වාර්තා වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.