Header Ads

අන්තවාදීන්ගෙන් ඉස්ලාම් ධර්මය බේරා ගැනීම මුස්ලිම් ජනයාගේ යුතුකමක්.


මේ වන විට ලෝකයේ ඉස්ලාම් ආගම වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් අන්තවාදීන් විසින් සිදු කරන ක්‍රියා හේතුවෙන් ලෝකය පුරා මුස්ලිම් ජනතාවට විරෝධයක් එල්ලවෙමින් ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අදට යෙදී තිබු රාමසාන් උපවාසය අවසන් කිරීම වෙනුවෙන් අද(26) පැවති උත්සවයකදී එම මතවාදය වෙනස් කිරීම මුස්ලිම් ජනතාවගේ යුතුකමක් බව ද ඇමතිවරයා පැවසිය. ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැදවියන් වෙනුවෙන් ලබා දුන් දිවා භෝජන සංග්‍රහය සහ ආගමික වතාවත්වලට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ,සියලු රැඳවියන්ට ධාර්මිකව කටයුතු කිරීමේ වගකීමක් ඇති බවත් රට ඉදිරියේ ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කිරීම වැදගත් බවයි.

රැදවියන් බන්ධනාගාර තුල පුනරුත්ථාපනයෙන් පසුව යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීමේ දී ගැටළුකාරී තත්ත්වයන් ඇති බවත්, තමා මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරන බවද එහිදී දීර්ඝ දඬුවම්වලට යටත්ව සිටින සිරකරුවන්ට නෛතිකව සමාව ලබා සමාජ ගතවීමට යම් අවස්ථාවන් සකස් කිරීම සඳහා රජයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද කබීර් හෂීම් අමාත්‍ය වරයා පැවසිය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.