Header Ads

ප්‍රියංකාගේ කොට ගවුම ඉන්දියාවටම ප්‍රශ්නයක් වෙලා


ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩයේ විතරක් නෙමෙයි, හොලිවුඩයෙත් ඉතා ඉහළින් වැජඹෙන තාරකාවියක්.

ප්‍රියංකා චොප්රා පසුගියදා ඉන්දීය අගමැතිවරයා හමුවුණා. මේ හමුවේදී කළ සාකච්චා ගැන කරුණු නම් මාධ්‍යවල ඒ තරමට වාර්තා වුණේ නැහැ.
හැබැයි ඒ ගමනට ප්‍රියංකා ඇඳන් හිටපු ගවුමට නම් ගොඩක් මාධ්‍යවල අවධානය යොමු වුණා.

“ප්‍රියංකා අගමැති හමුවෙන්න ඇඳන් ගිය ගවුම හරි කොටයි..” මේ වගේ සිරස්තල තමයි මාධ්‍යවල පළවුණේ.

එන්.ඩි.ටීවී වගේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යත් ඒ වගේ සිරස්තල දැම්මේ. මේ ගැන මුළු ලෝකෙම අවධානය යොමු වුණා.

හුඟක් අය කිව්වේ මේ මාධ්‍යවලට කියන්න දෙයක් නැතිද කියලයි ..

ඒ වගේම තවත් අය වෙනස්ම විදිහේ අදහසක් කියලා තිබුණා.

“මෝදිට දුක්විඳින ගොවියෝ හම්බවෙන්න යන්න වෙලාව නැති වුණාට නළු නිලියෝ හම්බවෙන්න යන්නනම් වෙලාව තියෙනවා ” , “මෝදිට තිබ්බේ ප්‍රියන්කව හම්බවෙන එක විතරමද ?” වගේම, ” අනේ අගමැතිතුමෝ.. මේ ගමන්ම රටේ අනෙක් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැනත් හොයන්න ..” වගේ දේවල්..

හැබැයි මේ මෝදිව හම්බවෙන්න ගිය ප්‍රියංකා නම් මේ හමුවට ලැබුණු අවස්ථාව ගැන තමන්ගේ සතුට මුහුණුපොතට එකතු කරලා තිබුණා.

මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.