Header Ads

“පන්ති වර්ජනය කරන සිසුන්ට මහපොළ ශිෂ්‍යධාර නෑ” – කිරිඇල්ල

විශ්වවිද්‍යාල පන්ති වර්ජනය කරන සිසුන්ට මහපොළ ශිෂ්‍යධාර ලබා නොදෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා  පාර්ලිමේන්තුවේ දී  7 බදාදා ඒ  බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන  විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මහපොළ හා රජය මඟින් සිසුන්ට පිරිනමනු ලබන ශිෂ්‍යාධාර හිමිවනුයේ අධ්‍යයන කටයුතුවල නියැලෙන කාලසීමාවන් සඳහා  බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ.

රජය විසින් සාමකාමී උද්ඝෝෂණ වලට කිසිදු බලපෑමක් සිදු නොකරන අතර  ශිෂ්‍ය මර්දනය සඳහා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.