Header Ads

ෆේස්බුක් පෙමට අකමැති වූ තරුණියට සිදුවූ දේ.


උත්තර් ප්‍රදේශ් හි ජීවත්වන රාම්ලා වයස අවුරුදු 16 ක තරුණියක්. රාම්ලා ෆේස්බුක් ඔස්සේ තරුණයෙක් එක්ක මිතුරු වුණා.

ඔහුගේ නම සුභාරත්. සුභාරත් දවසක් අහම්බෙන් රාම්ලාව මුණගැහෙනවා. එදා රාම්ලා ඔහුට මිතුරෙකුට වගේ සැලකුවත් ඔහුගේ හිතේ තිබ්බේ රාම්ලාව ඊට වඩා ලංකර ගන්න. ඒ නිසා ඔහු දිගින් දිගටම ෆේස්බුක් ඔස්සේ ඇයට ආදර යෝජනා ගේනවා.

ඒත් රාම්ලා ඒවා ප්‍රතික්ෂේප කරනවා. ෆේස්බුක් මිතුරුකමෙනුත් ඔහුව ඉවත් කරනවා. ඔහු ඇය යන යන තැනට එන්න හදනවා. අන්තිමේදී මේ කරදරේ ඉවසන්න බැරිම තැන, රාම්ලා ඔහුට කියනව හමුවෙලා මේ ගැන කතා කරමු කියල.

ඒ අනුව පාසලෙන් පසුව ව්‍යායාම මධ්‍යස්ථානයක් ගාවදි රාම්ලා, ඇගේ නැගණිය ෆාතිමා එක්ක ගිහින් ඔහුව හමුවෙලා මේ ගැන කතා කරන්න හැදුවත් ඔහුට රාම්ලාගේ ආදරේ ඇරෙන්න වෙන කිසිම දෙයක් භාරගන්න බැහැ කියනවා.

ඔහු ඒ වෙලාවේ රාම්ලා ට අමානුෂික අන්දමින් පහර දෙනවා. ඉන් පස්සේ ඇයව ඇදගෙන යන්න හදනවා.

මේ පහරදීම cctv කැමරාවක සටහන් වෙලා තිබුණු අතර ෆාතිමා සහ රම්ලගේ පැමිණිල්ල අනුව සුභාරත්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා.


මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.