Header Ads

අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි - ආණ්ඩුවට කොළ එළි දල්වා රතු එළි පෙන්වයි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් කළේය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව අද පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී මෙම විශේෂ ප්‍රකාශය නිවේදනය කළේය.

මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක් නොදක්වන්නේ නම් එය රතු එළියක් බවට පත්වෙනු ඇති බවට මෙහිදී අදහස් දැක් වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේ පවසා සිටියා.

ඒ, මගින් අවධානය යොමුකර ඇති ප්‍රධාන කරුණු ගණන 8 කි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ආවේගකාරී හැසීරීම් රටාව සහ අදහස් ප්‍රකාශ කිරීම අනුමත නොකරන අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව අවධාරණය කරන්නේ උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බව ය.

ජාතිවාදි හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීමට රජය දරන උත්සාහය මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව හෙළා දැක තිබේ.

පවත්නා නීතිරීති වෙනස් කිරීමට යාමෙන් අර්බුදකාරී වට පිටාවක් සමාජය තුළ ඇති වීමට හේතු වන බවක් පෙනී යන අතර සිංහල බෞද්ධයින් එල්ල කරගෙන නව නිති රිති හඳුන්වාදීමට යාම මෙම අර්බුදයට මුලික හේතුව බව උන්වහන්සේගේ මතයයි.

ජාතික සංහිඳියාවට මුවාවී සිදුකරනු ලබන රක්ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලය මෙන්ම උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම වහා නතර කිරීමට රජය ක්‍රියාකල යුතු බවද අද නිකුත්කල ප්‍රකාශයේ සඳහන් ය.

පුරාවිද්‍යා විශය භාර අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් පෞරාණික සිද්ධස්ථාන ආරක්ෂාකිරීම හා සංවර්ධනය පසෙක තබා එම ස්ථාන සංචාරක පරාදීස බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාරගය වහා නතර කළ යුතු බව ද මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව අවධාරණය කළේය.

සිංහළ ජාතිය වද කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය පිළිබඳව පලවන විවිධ වාර්තා කෙරෙහි රජය වහා අවධානය යොමුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන උන්වහන්සේ ඉල්ලා සිටින්නේ බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය විකෘති කරන ප්‍රකාශන පාලනය කිරීම සදහා කෙටුම්පත් කර ඇති බෞද්ධ ප්‍රකාශන පනත් කෙටුම්පත වහා සම්මත කරල ලෙස ය.

දේශිය හා විදේශිය කුමන්ත්‍රණ තුළින් සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණයන් හමුවේ තෛනිකායික මහානාහිමිවරු ප්‍රමුඛ මහා සංඝ රත්නයත් දේශ හිතෛශි ජනතා බලවේගත් එක්සත්ව කටයුතු කිරීමේ වැදගත් කමද උන්වහන්සේ අවධාරණය කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.