Header Ads

ආපදාවට ලක්වූවන්ට උදව් කරන්න ආණ්ඩුවට මගේ පඩිය දෙන්නේ නෑ… – ප්‍රසන්න රණතුංග

“අපේ පඩිය ආණ්ඩුවට දීලා වැඩක් නෑ.අපි වෙනම වැඩක් කරමු…”කියා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.

මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ආපදාවෙන් විපතට පත් ජනතාවට සැලසීමේ කටයුතු සඳහා ආපදා සහන ගිණුමට බැර කරණ ලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් සන්ධාන මහලේකම් කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙසේ විරුද්ධවී තිබෙන අතර බන්දුල ගුණවර්ධන මහතාද ඒ සඳහා කරුණු දක්වා ඇත.

රංජිත් සොයිසා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද එයට විරුද්ධ වී ඇත.

කෙසේ වෙතත් ආපදාවට ලක් වූ අවස්ථාවේදී දේශපාලන වාසි තකා ක්‍රියා නොකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.