Header Ads

ප්‍රින්ස්ගේ හදිසි වියෝවට මුල්වූ සත්‍ය හේතුව හෙලිවේ!

90 දශකයේ ජනප්‍රියතම ගායන ශිල්පියෙකු ලෙසින් රසික හදවත් දිනා ගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද (11) පස්වරුවේ ඇල්පිටිය නගරයට නුදුරු කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් නවඳගල සිරිපුර ග්‍රාමයේ සිය නිවසේ සුසාන භූමියේදී අවසන් ගමන් ගියා.

1989 වසරේ ඌරගස්මංහන්දිය හි පැවැත් වූ සංගීත පන්තියට එක්වෙමින්  සංගීතය හැදෑරීම ආරම්භ කළ ඔහු ජාතික තරුණ සේවා සභාවෙන් බිහිවූ ජනප්‍රිය තලයේ ගායන ශිල්පියෙකු වනවා.

විශාරද නිහාල් ගම්හේවා ඔහුගේ සංගීත උපදේශකවරයායි.
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පියා විශාරද ගුණදාස කපුගේගේ සංගීත ගුරුවරයා වුව ද සිය පියාගෙන් පූර්ණ සංගීත දැනුමක් ලබා ගැනීමේ පින ඔහුට නොලැබුණේ ප්‍රින්ස්ගේ බාල වියේදීම පියා ඔවුන්ගෙන් සමු ගැනීම නිසායි.

“සුදුමල් ‍පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනි වී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහිකරනෙමි මගේ පියාණනි”

මේ ප්‍රින්ස් සිය පියා වෙනුවෙන් ලියූ කඳුළු ගීතයකි.

“කැඩපත හමුවේ හිඳිමී
නිරතුරු ඔබ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ”

ප්‍රින්ස් ඒ තරමටම තම පියාට අපමණ ලෙස  ආදරය කළා.

1970 වසරේ ජුනි 13 දා උපන් ප්‍රින්ස් සිය 47 වන උපන් දිනයට දින පහක් තිබියදී සමුගෙන යන්නේ කලක් තිස්සේ ඔහුව පීඩාවට පත් කළ රෝගී තත්ත්වය නිසායි.

ප්‍රින්ස් මේ රෝගී තත්ත්වයට ගොදුරු වීම අරඹන්නේ සිය මවගේ වියෝවත් සමග ඇති වූ කම්පනය සමගයි.

ඔහු ඩුබායි හි සිටියදී හදිසියේ රෝගාතුර වූ මව ප්‍රින්ස්ව අතහැර ගියා.
ඒ කම්පනයෙන් ප්‍රින්ස් රෝගී වූ අතර එවක් පටන්  මියයන තෙක්ම ඔහු වෙනුවෙන් සිටියේ ඔහුගේ සොහොයුරිය පමණයි.

ප්‍රින්ස් ඔබට සුබ ගමන්…….

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.