Header Ads

බැන්නේ මගේ උවමනාවට නෙමෙයි - ඉවසීමෙත් සීමාවක් තියෙනවා

බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමේ දී තමා බැන වැදුණේ උවමනාවෙන් නොවන බවත් ඔහු විසින් තමා කුපිත කළ අතර දරා සිටීමේ සීමාව ඉක්මවා ගිය නිසා එලෙස හැසිරීමට සිදු වු බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අද(16) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තමාගේ නිවසේ මුතුරාජවෙල ජනතාවගේ කුණු කසළ ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශිය ස්වෙච්ඡා සංවිධානයක් පැමිණ සිටි මොහොතක විවිධ ප්‍රශ්න අසමින් නැවත නැවත ජනතාව කුපිත කරලීමට එම මාධ්‍යවේදියා උත්සහ කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

අද වන විට රටේ ඇති නිදහස යටතේ ජන මාධ්‍යවේදීන්ට කිසිදු සදාචාරයක් නොමැති බවත් මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කරමින් සිටින බවටත් අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.