Header Ads

අරුන්දිකට එරෙහිව පරීක්ෂන අරඹන්න කැබිනට් මණ්ඩයලය තීරණය කරයි!


හිටපු ජනාධිපතිවරයා සමඟ ජපානයේ සංචාරයක නිරතවී සිටින යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු එහිදී ජාත්‍යන්තර පොලීසියට අවශ්‍යව සිටින අපරාධකරුවකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සමඟ සැප ගැනීම පිළිබඳව ඊයේ(13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජාවට ලක්ව තිබේ.

එහිදී යහපාලන රජයේ ඇමතිවරයෙකු වශයෙන් අරුන්දිකගේ හැසිරීම කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අරුන්දිකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවත් උදයංග වීරතුංගට අත් අඩංගුවට ගැනීම සඳහා සිදුකරන පොලිස් පරීක්ෂන සඳහා අරුන්දිකගෙන් තොරතුරු ලබාගැනීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදිය යුතුබවත් අමාත්‍යමණ්ඩලය තීරණය කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.