Header Ads

තම ස්වාමියා මිය ගියත් ඔහු අතහැර නොගිය බල්ලෙකුගේ ඉරණම වෙනස් වු හැටි

ගම්පොළ පුපුරැස්ස ලෙවලන්වත්ත මානිකට්ටුව ප්‍රදේශයේ මියගිය   අයකුගේ අවසන් කටයුතු සිදුකිරීමට සොහොන වෙත රැගෙන යමින් සිටියදී අතරමඟ බඹර ප්‍රහාරයක් එල්ලවීම නිසා දේහය සහිත පෙට්ටිය බිම දමා අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වූ පිරිස සී සී කඩ දිව ගියද දෙණ සහිත පෙට්ටිය තනි නොකර  පිරිස යළි පැමිණෙන තුරු පැය දෙකක් පමණ එහිම රැඳී දේහයට රැකවරණය ලබා දී ඇති සුනඛයෙකු පිළිබඳව පුවතක් වාර්තා වනවා.

ඇඳිරි වැටී ගෙන එනවිට පන්දම් දල්වාගෙන පැමිණි පිරිස දෙණ මිහිදන් කොට ආපසු ගොස් ඇති අතර බඹර ප්‍රහාරයට ලක්වූ 8 දෙනකු රෝහල් ගත කොට තිබෙනවා.

පසුව මෙම සුනඛයා  යළි නිවෙසට නොගොස් මිනී වළ මත රැඳී සිටින බවද වාර්තා වනවා.

එම පුවත දැන ගැනීමත් සමග සත්වාරක්ෂක සංගමයේ පිරිසක්  එම බල්ලා සිටි පුපුරැස්ස මනිකට්ටුව ප්‍රදේශයට ගොස් තිබෙනවා.

මනිකට්ටුව පේළි නිවාසයක හැදී වැඩී ඇති බල්ලාට ලොම් හැලෙන රෝගය වැලඳී ඇඟේ තුවාල දමා ඇති අතර මේ නිසා මිනිසුන්ගේ සැලකිල්ලද අඩු වී ඇති තිබුණා.

සුනඛයාව  කොළඹට රැගෙන පැමිණ  වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති අතර අතර බඹර විස සඳහාද ප්‍රතිකාර ආරම්භ කොට තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.