Header Ads

මදසරුභාවයට විදවපු කාලය අවසන්. ශ්‍රී ලංකාවේ පළමු වරට රජයේ රෝහලක ශූක්‍රාණු බැංකුවක්. සියළු විස්තර මෙන්න !.

ඉතිහාසයේ පළමු වරට මෙරට රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව කළුබෝවිලදි විවෘත උනා.

ඒ ඊයේ දිනයේ කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී.

මේ මඟින් මදසරු පුද්ගලයන්ට නොමිලේ සේවාවන් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

මෙම ඒකකය ගොඩනැඟීම සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද සහයෝගය හිමිව තිබේ.

කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය විසින් එම ඒකකය විවෘත කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.