Header Ads

මහනුවර හමුදා කඳවුර ඉවත් කරන බව කියන දිලුම්ගේ බොරුව - හමුදාව ප්‍රතික්ෂේප කරයි.

මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි කෙරෙන ප‍්‍රකාශ හමුදාව ප‍්‍රතික්ෂේප කරනවා.

යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ තමන් ඊයේ (24) දිනයේ ද එම හමුදා කඳවුරෙහි සංචාරය කළ බවයි.

එය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නැතැයි ද ඔහු පැවසුවා. 

මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගමයි. මහනුවර දී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ බව පැවසුවා. 


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.