Header Ads

පුරුෂ ශක්තිය වැඩි කර ගන්න - බොන්න හොදම පානය මෙන්න

දිනකට කෝපි කෝප්ප දෙක බැගින් පානය කිරීමෙන් පිරිමින්ගේ පුරුෂ ශක්තිය වැඩිවන බව ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්ථා කරනවා. 

පුද්ගලයාගේ වැඩි බර හා රුධිර පීඩණ ආදි පවතින තත්වය කුමක් වුවද යහනේදී පිරිමියාගේ ක්‍රියාකාරිතවය වැඩි කර ගැනීමට එය සමත් බව 4000 කගේ සහභාගිත්වයෙන් ටෙක්සාස් විශ්ව විද්‍යාලය මඟින් කළ අධ්‍යනයකින් එය සනාථ කර ඇත.

කෝපි නොබොන අය වාර්ථා කළ ලිංගික උද්ධාම අප්‍රාණිකත්වය (Erectile dysfunction ) කෝපි කෝප්ප දෙකක් බොන අය සම්බන්ධයෙන්  42% කින් අඩු බව සොයා ගෙන තිබේ.

කෝප්ප තුනක් පානය කල අයගේ 39% ක අඩුවීමක් පෙනවා තිබුණි.
මේ බලපෑම පිරිමින්ගේ වැඩි බර , ස්ථුලතාවය හෝ අධි රුධිර පීඩණය වැනි කරුණුවලට අදාල නැති බවද සදහන් වෙනවා.

එහෙත් උද්ධාමක අක්‍රියතා වැඩි, දියවැඩියා රෝගීන් සම්බන්ධයෙන්     කෝපිවල බලපෑම අඩු අගයක් පෙන්වයි.කෙසේ වුවද දිනකට කෝපි කෝප්ප හතරකට වැඩියෙන් පානය අනතුරුදායක බවද වෛද්‍යවරු පවසනවා.

එය අවිවේකිබවට කම්පනයට නින්ද නොයෑමට සහ උදරයේ කැළඹීමට හේතු වෙයි.


මේ අතර මීට කලින් කල අධ්‍යයනයකින් හෙළි වන්නේ වැඩිහිටි කාන්තාවක් එක කෝපි කෝප්පයක් පානය කිරීමෙන් ලිංගික ශක්තිය ඉහළම මට්ට්මකට ළගා කර ගත හැකි බවයි.පිරිමින්ටද වඩාත් ඉහළ කාම ශක්තියක් ඇති කරවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.