Header Ads

මහින්දගේ පියා – DA රාජපක්ෂගේ භෂ්මාවශේෂ ධාතු ප්‍රදර්ශනය සමාජජාල කළඹයි!


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඩී ඒ රාජපක්ෂ මහතාගේ භෂ්මාවශේෂ ධාතු ප්‍රදර්ශණයක් එළබෙන ජූනි 18 වනදා සිට 21 වනදා දක්වා විහාරස්ථාන හතරකදී පැවැත්වෙන බවට දැක්වෙන දැනුවත් කිරීමේ නිවේදනයක් සමාජජාල තුල වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

වැල්ලේගොඩ පුරාණ විහාරය, කරඩුපන ශ්‍රී සුදර්ශනාරාමය, නාගමුව රජමහාවිහාරය, එළගල්ල ශ්‍රී විසුද්ධාරාමය යන විහාරස්ථානවල හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම භෂ්මාවශේෂ ධාතු ප්‍රදර්ශණය පැවැත්වෙන බවට එහි සඳහන් කර තිබේ.

රාජපක්ෂලාට තිබෙන රාජකීය මානසිකත්වයේ තරම දන්නා නිසාම මෙය බොරුවක් වීමට නොහැකි යැයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. මෙවන් විකාර වැඩ සිදුකලද එම භෂ්මාවශේෂ ධාතු වලට වැදීමටද පැමිණෙන නූගත් මිනිසුන් එම ප්‍රදේශවල ඕනෑතරම් ඇත.

මෙම පළකිරීමේ සත්‍ය අසත්‍යතාවය තවම තහවුරු වී නැති අතර රාජපක්ෂ පවුල විසින් මේ සම්බන්ධ සත්‍ය තත්වය මහජනතාවට දැනුම්දිය යුතු බව අපගේ මතයයි. කෙසේ වෙතත් මෙම නිවේදනය වැරදි සහගත නම් ශ්‍රී ලංකාවේ හිටඔඋ දේශපාලකයෙකුට අපහාස කිරීමේ චෝදනා මත අදාළ පාර්ශව වලට දඩුවම් ලබාදිය යුතු බවද අපගේ අදහසයි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.