Header Ads

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාර ගනී

පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැඳවමින් සෙනසුරාදා රාත්‍රි ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මා‍ධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදියෙකුට අයිති නැගෙනහිර ලන්ඩනයේ පිහිටි මහල් නිවසක් වැටළු පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉන් 11 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ එක ම ලිපිනයකට අයත් නිවසකදී ය.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 7 දෙනෙකු ම කාන්තාවන් වන අතර 55 හැවිරිදි පුද්ගලයකු පසුව මුදාහැර තිබේ.

ලන්ඩන් පාලම මතින් වැන් රථයකින් පැමිණි සැකරුවන් අධික වේගයෙන් ජනතාව යටකරමින් ගොස් තිබේ.

අනතුරව වෑන් රථයෙන් බැස තිදෙනෙකු එම ස්ථානයේ සිටි පිරිස් වෙත විශාල පිහිවලින් පහරදුන් බව විදෙස් වාර්තාවල සඳහන් ය.

පාලම අසල බරෝ වෙළෙඳපොළේ මත්පැන් අලවිසැල් සහ ආපනශාලා අසලට ගිය සැකකරුවන් එහි සිටි පිරිස්වලට ද පිහි ප්‍රහාර එල්ලකර තිබේ.

සිද්ධිය පිළිබඳ රාත්‍රි 10 ට පමණ පොලීසිය දැනුවත්ව ඇති අතර විනාඩි 8 කට පසු ඔවුන් ප්‍රතිචාර දක්වා තිබූ අතර එහිදී පොලිස් ප්‍රහාරවලින් සැකකරුවෝ තිදෙනා ම ජීවිතක්ෂයට පත්වූහ.

ඔවුන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලවලට සමාන ඇඳුමක් හැද සිටි අතර පසුව අනාවරණය වූයේ එවා ව්‍යාජ ලෙස සකස්කර තිබූ බවයි.
පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාර ගෙන තිබේ.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.