Header Ads

බිය ගන්වා ගුවන් යානයක් අත්පත් කරගන්න ගිය ලාංකියෙකුට වැඩ වරදියි (PHOTOS)

ඕස්ට්‍රේලියාවේ සිට මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර බලා පියාසර කළ ගුවන් යානයක නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු වේලාවෙන් රාත්‍රී 11.11ට මෙල්බර්න් නුවරින් ගුවන් ගත වූ M.H 128 ගුවන් යානය පැය භාගයකට පසු යළි මෙල්බර්න් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබැස්වීමට සිදු වී ඇත්තේ, එහි සිටි ශ්‍රී ලංකික මගියෙකු නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරීම හේතුවෙනි.

බලහත්කාරයෙන් ඇතුළු වූ සැකකාර ගුවන් මගියා තමා සතුව බෝම්බයක් ඇති බවට කාර්ය මණ්ඩලය බියවද්දා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් ඔහුට නියමු කුටියට ඇතුළු වීමට ඉඩ ලැබී නොමැති අතර ගුවන් යානය ආරක්ෂිතව මෙල්බර්න් ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇතත් ඒ වන විට එහි මගීන් 300 ක් පමණ සිටි බව වාර්තා වේ.

පසුව ආරක්ෂක අංශ පැමිණ සැකකාර ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව කිසිදු පුපුරන ද්‍රව්‍යක් නොතිබුන අතර ඔහු සතුව තිබි ඇත්තේ, බැටරියක් පමණක් බව පසුව අනාවරණය විය.

මලයාසියාවේ නියෝජ්‍ය ප්‍රවාහන ඇමති, අබ්දුල් අසිස් බින් කප්රාවී කියා පැවසූවේ, මෙම මගියා බීමත් ව සිටි බවක් පෙනෙන්නට තිබූ අතර මෙය ත්‍රස්ත ප්‍රහාරයක් හෝ ගුවන් යානය පැහැර ගැනීමට උත්සහ කිරීමක් නොවන බව ද ඔහු කියා සිටියේ ය.

අදාල ශ්‍රී ලංකික මගියා මානසික රෝගයකින් පෙලෙන්නෙකු ද යන්න පිළිබඳ සොයා බලන බව මලයාසියානු බලධාරීන් ප්‍රකාශ කළ සිටිය හ.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.