Header Ads

ලොවක් වසඟ කරමින් එවරස්ට් කඳුමුදුනේ යුග දිවියට පා තැබූ සොඳුරු පෙම් යුවළ -Photos

විවාහ උත්සවය වෙනස් විදිහට පවත්වන අවස්ථා ගැන අපි දැකලා තියෙනවා.
ඒ විදිහට වෙනස්ම විදිහට කරපු විවාහ උත්සවයක් ගැන අපිට අහන්න ලැබුණේ ලොව උසම කඳු මුදුන වුණු එවරස්ට් කදුමුදුනින්.
මේ විදිහට එවරස්ට් කදුමුදුනේදී විවාහ ගිවිස ගත්තේ උතුරු කැලිෆෝනියාවේ ජීවත් වුණු පෙම්වතුන් යුවළක්.

ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සහ වීඩියෝවක් අන්තර්ජාලයටද නිකුත් කර තිබෙනවා.
ජේම්ස් හා ඈලිෂ් නමැති මොවුන් දෙදෙනා මාස 9 ක කාලයක් තිස්සේ මෙම විවාහ උත්සවයට සූදානම් වූ බවයි වාර්තා වන්නේ.
කාලයක් තිස්සේ ව්‍යායාම සිදුකරමින් එළිමහනේ නිදාගනිමින් සිදුකළ මේ වැඩේ රූගත කරන්න තෝරගෙන තිබුණේද සුවිශේෂී ඡායාරූප ශිල්පියෙක්.
චාල්ටන් නමැති එම ඡායාරූප ශිල්පියා ඒ ගැන විදෙස් මාධ්‍යයට මෙවැනි අදහසක් පලකර තිබුණා.

මම 2015 අවුරුද්දෙත් මේ වගේම යුවළකගේ මංගල මොහො එවරස්ට් කදුමුදුනේදී ඡායාරූප ගතකරන්න ලෑස්ති වුණා.
ඒත් නේපාලේ ඒ වසරෙදි වුණු දරුණු භූ කම්පාව නිසා එය කරන්න ලැබුණේ නැහැ.
මේ තරම් ඉක්මනින් තවත් ඒ වගේ දෙදෙනෙක් මට හම්බවෙයි කියලා මම හිතුවේ නැහැ.

මෙම අභියෝගාත්මක කාර්යයේදී මනාලියට සිය මනාලයා අහිමිවන්නට ගිය අවස්ථාද බොහෝ තිබූ බවයි ඔවුන් පවසා තිබෙන්නේ.

එම අවස්ථා ගැන ඈෂ්ලි පවසා තිබුණේ මෙවැනි දෙයක්.
මෙතැනදි ඊට පෙර සතියේ ඔස්ට්‍රේලියානු කදු නගින්නෙක් මියගොස් තිබුණා.
ඔක්සිජන් නැතිව මිය යන්න ඔන්න මෙන්න තියෙද්දි ජේම්ස් බේරුණා.
ඒ වෙලාවෙදි තවත් අපි ජීවිත අවදානමක් ගන්නවද කියලා කල්පනා කළා.

කොහොම හරි දින 9 ක භයානක ගමනකින් පස්සේ අපේ ජීවිතේ සුන්දරම දිනය ගතකරන්න ලෝකයේ උසම ස්ථානයට අපි ළගා වුණා.
එතනදි අපි මංගලල මුදු හුවමාරු කරගෙන විවාහ දිවියට එළඹුණා.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.