Header Ads

උමා ඔය විරෝධතා ජන රැල්ල... රළ ගසයි -ආණ්ඩුවට සුනාමියක් වේවිද ? -Photos

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් දිගින් දිගටම ජනතාව අත් විඳින පීඩාවන් සම්බන්ධයෙන් තවමත් විසඳුමක් නොමැති බව පෙන්වා ඊයේ බණ්ඩාරවෙල නගරයේදී හර්තාල් සහ උද්ඝෝෂණයක් පැවැත් විණි.

විරෝධතාව සංවිධානය කර ඇත්තේ, උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණයි.

ඊයේ පෙවරුවේ සිට බණ්ඩාරවෙල නගරයේ වෙළෙඳසැල් වසා දැමුණු අතර පාසැල් හා රජයේ කාර්යාල සේවා ද අඩාලවී තිබිණි.

හර්තාලය ඇරඹූ පිරිස නගරයට රැස්වී ඇත්තේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ව සිටින බණ්ඩාරවෙල අවට ගම්මාන 42 ක පමණ ජනතාව මෙලෙස එක් ව සිටියහ.

ඊයේ උදෑසන 9.00 ට පමණ බණ්ඩාරවෙල මංසන්ධියෙන් සහ ඇටම්පිටිය මාර්ගයෙන් ඇරඹි පා ගමන් දෙකකින් ජනතාව නගර මධ්‍යයට රැස් විය.

පසුව එම ස්ථානයට ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයෙකු පැමිණ දැනුම් දුන්නේ ගැටලුව පිළිබඳව ජනාධිපතිතුමා ලබන 30 වන දා සාකච්ඡාවක් ලබාදී ඇති බව ය.

අනතුරුව එම පොරොන්දුවෙන් පසුව පිරිස විසිර ගිය හ.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.