Header Ads

"මම ප්‍රියංකා චොප්රා දුටු පළමු අවස්ථාවේදීම ආදරයෙන් බැඳුණා" -ඩ්වේන් ජොන්සන් -Photos

ඩ්වේන් ජොන්සන් හෙවත් රොකී තම සිත ගිය තරුණිය ගැන මාධ්‍යයට පැවසුවා. ඔහු පවසන්නේ ඇය දුටු ගමන් තම සිත ඇය වෙත ඇදී ගිය බවයි. 

ඇය වෙන කවුරුත් නෙවෙයි ප්‍රියංකා චොප්රා. Baywatch චිත්‍රපටය වෙනුවෙන් ප්‍රියංකා අමෙරිකාවට පැමිණි පළමු අවස්ථාවේදී ඩ්වේන් සහ ප්‍රියංකා ප්‍රථමවරට එකිනෙකා හමු වූ අවස්ථාව ගැන ඩ්වේන් පවසන්නේ බොහොම සතුටින්.

"මම ඇය දුටු පළමු අවස්ථාවේදීම ආදරයෙන් බැඳුණා" ඔහු පවසනවා. මුල්ම හමුවීමෙන් පසු නිතරතුරුවම දෙදෙනා වයිබර් මාධ්‍ය ඔස්සේ ඔස්සේ ඒ වගේම ‍Baywatch චිත්‍රපටයට හොඳම දුෂ්ට චරිතය ඇය බවත් වටහාගත් බවත් ඔහු පවසනවා.

ප්‍රියංකා හොලිවුඩයට ගියේ දුෂ්ට චරිතයකින්. ඩ්වේන් ජොන්සන් නම් කියන්නේ දුෂ්ට චරිතයට පණ පොවන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි. ඒ චරිතය හොඳීන් වටහා ගත යුතු බවත් ප්‍රියංකාට ඒ හැකියාව හොඳීන්ම තිබෙන බවත් ඔහු පවසනවා.

Baywatch චිත්‍රපටයේ ප්‍රියංකා නිරූපණය කරන මෙම චරිතයට මුලදී යෝජනා වී තිබුණේ පිරිමි චරිතයක්. නමුත් පසුව එය කාන්තා චරිතයක් බවට පත් වී ඒ සඳහා ප්‍රියංකා චොප්රා තෝරා ගැනුණා. පොඩි දේ ගැනත් උන්දුවීම ඩ්වේන් ප්‍රියංකා වෙතින් දුටු විශේෂත්වයක්.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.