Header Ads

සියලු සත්වයන් නිදුක්‌ වෙත්වා නිරෝගි වෙත්වා යන බුදුවදන අනුව -යාපනයේ ලේ හිඟයට බුඳු පුතුන් සියක් නමක් ලේ දුන් සැටි


බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සියක්‌ නමක්‌ ඊයේ (25 දා) කොළඹ සිට ලේ පරිත්‍යාග කිරීම සඳහා යාපනය මහ රෝහලට වැඩම කළා. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උන්වහන්සේලා යාපනය මහරෝහලට ලේ පරිත්‍යාග කිරීම සඳහා වැඩම කරනු ලැබුවා. 

ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ අභයතිස්‌ස හිමියන් පවසා සිටියේ තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ලේ පරිත්‍යාග කිරීමට යාපනයට වැඩම කළේ යාපනය මහ රෝහලේ ලේ හිඟයක්‌ පවතින බව මාධ්‍ය මගින් දැනගැනීමෙන් අනතුරුව බවයි.

සියලු සත්වයන් නිදුක්‌ වෙත්වා නිරෝගි වෙත්වා යන බුදුවදන අනුව යමින් මෙම ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයට තමන් එක්‌ වූ බව ද අනතුරකට හෝ රෝගී භාවයට පත්වූ අයකුට උදව් උපකාර කිරීමට ඔහුගේ ජාතිය, ජන්මය, කුලය පිළිබඳව විමසීමක්‌ නොකළ යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.