Header Ads

මාගල්ලේදී තරුණියකට පිහි පහරදුන් දී, එම පිහියෙන්ම හදවත පසාරු කරගත් හැටි. (VIDEO)


ගාල්ල මාගල්ල ප්‍රදේශයේ පාලම අසළ සිදුවූ සහසික පිහිඇනුමක් පිළිබඳ පුවතක් වාර්තාවේයි.

මෙම සිදුවීමේ cctv වීඩියෝව අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබූ නමුදු මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තාවී තිබුණේ නැත.

ඊයේ (30දා) පස්වරුවේ මෙය සිදුවී තිබිණ.මෙම පුද්ගලයාගේ පිහිපහරින් මියගොස් තිබෙන්නේ වදුරඹ කීඹිය ප්‍රදේශයේ පදංචි 36 හැවිරිදි තමරා විජේතිලක නැමැත්තියකි.

මාගල්ල කව්වුවත්ත විහාරස්ථානය අසල ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී මෙම ගැටුම ආරම්භ වී ඇත.මෙම කාන්තාව යතුරු පැදියකින් පැමිණ ඇති අතර  ගැටුමට සම්බන්ධ පුද්ගලයා පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. මෙම වාහන දෙක සිද්ධිය සිදු වු ස්ථානයේ දැකිය හැකි විය.

මෙහිදී අදාළ පුද්ගලයා විසින් මෙම කාන්තාවට පිහිපහර රාශියක් එල්ලකරන අතර ඇය ඔහුගේ ග්‍රහණයෙන් මිදීමට උත්සහ කරන අයුරු දක්නට ලැබෙයි.

පසුව මෙම පුද්ගලයාද සිය පපු ප්‍රදේශයට පිහිර පහර ඒල්ල කරගෙන ඇති බව අවට සිටියවුන් පවසන අතර, මේ වන විට ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.

මොහු අහංගම මිදිගම පදිංචි 48 හැවිරිදි වලවේ විතානගේ ලලිත් ප්‍රියංකර නැමැත්තෙකි.

විශාල පිරිසක් බලා සිටියදී සිදුවූ මෙම පිහිඇනුම ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක ආකාරයක් ගත් බැව් අවට සිටි පිරිස් පවසා තිබිණ.

සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත අතර ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

ෆේස්බුක් වෙබ් අඩවියේ පලවී තිබූ අදාළ සිදුවීමේ වීඩියෝව පහතින් නරඹන්න.
.

මාගල්ලේදී තරුණියකට පිහි පහරදුන් දී, එම පිහියෙන්ම හදවත පසාරු කර...
මාගල්ලේදී තරුණියකට පිහි පහරදුන් දී, එම පිහියෙන්ම හදවත පසාරු කරගත් හැටි. (VIDEO)
Posted by Gossip Lanka on Wednesday, May 31, 2017

මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.