Header Ads

සනී ලියෝන් නූලෙන් බේරෙයි - Video

බොලිවුඩයේ සරාගී නිළි සනී ලියෝන් පහුගිය දවසක මහාරාශ්ට ප‍්‍රාන්තයට ගුවන් යානයකින් පිටව ගියේ රූගත කිරීමකටයි.

හැබැයි මේ ගුවන් යානය සාමාන්‍ය ගුවන් යානයකින් වෙනස් වන්නේ එහි හිමිකාරීත්වය සනි ලියෝන්ගේ සැමියට හිමි වීම නිසා. කෙටියෙන් කිව්වොත් සනී මේ ගමනට පිටත් වුනේ තමන්ගේ සැමියා එක්ක පෞද්ගලික ගුවන් යානයකින්.

හැබැයි මේ ගමන යද්දි මහාරාශ්ට ප‍්‍රාන්තයේ දේශගුණය තිබුනේ ඒ තරම් හොඳ තත්ත්වයක නෙමෙයි. ඒ නිසාම සනී පියාසර කරමින් තිබුනු ගුවන් යානය අනතුරකට ලක් වෙන්න ඔන්න මෙන්න තියලා අනතුරෙන් ගැලවුනා. 

ඒකට සනී ස්තූති කරලා තිබුනේ වෙන කාටවත් නෙමෙයි තමන්ගේ ගුවන් යානය පැදවපු නියමුවට.

ඔහුගේ දක්ෂතාවය නිසා ගුවන් යානයේ හිටපු කිසිම කෙනෙක්ට හානි නොවී යානය ගොඩ බස්ස ගත්ත කියලා සනී මාධ්‍ය වෙත අදහස් දක්වලා තිබුණා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සනී තමන්ගේ ජංගම දුරකථනයෙන් කරපු වීඩියෝව පහතින් බලන්න…


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.